Friday, April 26, 2024

General line - 0115112241

තවත් පුද්ගලයින් එක් ලක්ෂ 48,000ක් එන්නත් කරයි




මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් එක් ලක්ෂ 48,803 දෙනෙකුට ඊයේ දිනයේදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා. ඒ අනුව මේ දක්වා කාලය තුළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක් කෝටි දහතුන් ලක්ෂ 31,168 ක්. 

ඊයේ දිනයේදී ලබාදී ඇති සයිනොෆාම් දෙවැනි එන්නත් මාත්‍රා ගණන 31,547 ක් වන අතර එම එන්නත් මාත්‍රාව මේ දක්වා පුද්ගලයින් අනූ එක් ලක්ෂ 33,818 දෙනෙකුට ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ. 

ඊයේ දිනයේදී ලබාදී ඇති ස්පුට්නික් වී දෙවැනි එන්නතේ මාත්‍රා ගණන 32,688 ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාවද පුද්ගලයින් 35,198 දෙනෙකුට ඊයේ දිනයේදී ලබාදී තිබෙනවා.