Saturday, April 27, 2024

General line - 0115112241

අහිතකර ක්ෂුද්‍ර ජීවීන් හමුවූ චීන කාබනික පොහොර තොගයේ තවත් සාම්පලයක් දිවයිනට




චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර තොගයේ තවත් සාම්පලයක් ඊයේ මෙරටට ලැබී තිබෙනවා. ඒ, චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී මෙරට වගාවන්ට අහිතකර ක්ෂුද්‍ර ජීවී විශේෂයක් හමුවී ඇති බවට වාර්තා පළ වූ පසුබිමකයි. 

නෙත් නිවුස් කළ විමසීමකදී පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මීට පෙර ශ්‍රී ලංකාවට එවූ සම්පලයේ මෙම අහිතකර ක්ෂුද්‍ර ජීවීන් සිටි බවයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා තවත් සාම්පලයක් මෙලෙස ගෙන්වා ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.