Friday, April 26, 2024

General line - 0115112241

සිඩ්නි නුවර ලොක් ඩවුන් සීමා ඉවතට




ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ලොක් ඩවුන් සීමා ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16ට වැඩි ජනගහනයයෙන් සියයට 70ට ප්‍රතිශතයක් පූර්ණ එන්නතකරණයට ලක් කිරීමෙන් පසුවයි.

එම ලොක් ඩවුන් සීමා ඉවත් කිරීමත් සමග සිඩ්නි නුවර ආපනශාලා, අවන්හල් සහ ව්‍යායාම් මධ්‍යස්ථාන නැවත විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා.

එම ස්ථානවලට ඇතුලු වීමට අවසර හිමි වන්නේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට පමණයි.

මෙලෙස සිඩ්නි නුවර ලොක් ඩවුන් සීමා ඉවත් කෙරුණේ දින 106කට පසුවයි.