Friday, April 26, 2024

General line - 0115112241

කොල්කටා නයිඩ් රයිඩර්ස් අවසන් මහා තරගයට




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිඩ් රයිඩර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තියුණු සටනකින් පසුව අවසන් මොහොතේදී කඩුළු 3 කින් පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුළු 5 කට ලකුණු 135 ක් රැස් කළා. කඩුළු 7 ක් දැවී කොල්කටා කණ්ඩායම එම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 19 යි පන්දු පහකදීයි.

කොල්කටා කණ්ඩායමට කඩුළු 9 ක් අතැතිව තිබියදී අවසන් පන්දු 25 දී මෙම තරගයේ ජය සදහා අවශ්‍යව තිබුණේ ලකුණු 13 ක් පමණයි. එහෙත් පන්දු 23 ක් තුළ ලකුණු 7 කට කඩුළු 6 ක් බිද වැටීමත් සමග කොල්කටා ජය අවදානමකට පත් වුණා.

අවසන් පන්දුවාරයේ 5 වන පන්දුවට හයේ පහරක් එල්ල කරමින් රාහුල් ත්‍රිපාති කොල්කටා කණ්ඩායමට ජය ගෙන ආවා. ඒ අනුව කොල්කටා සහ චෙන්නායි කණ්ඩායම අතර අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පැපුවා නිව්ගිනියා කණ්ඩායම අතර පුහුණු තරගය මේ වනවිට පැවැත්වෙනවා.