Friday, April 26, 2024

General line - 0115112241

චීනයෙන් අප්‍රිකාවට ‍ඩොලර් බිලියන අටක් වටිනා ඩිජිටල් සේද මාවතක්




පශ්චාත් කෝවිඩ් ආර්ථික සැලසුම් යටතේ චීනය සහ චීන සමාගම් අප්‍රිකානු මහාද්වීපයේ  ඇමරිකානු ඩොලර් බිලියන 8. 43 ක් වටිනා ආයෝජන සිදුකිරීමට සූදානම් වන බව වාර්තාවනවා. 

 ඩිජිටල් සේද මාවත හෙවත් ඩිජිටල් සිල්ක් රෝඩ් වැඩසටහන යටතේ සිදුකරන මෙම ආයෝජන ව්‍යාපෘතිය යටතේ හුවාවි, ZTE සහ ක්ලවුඩ්වෝක් යන චීන සමාගම් අප්‍රිකානු කලාපයේ රටවල් තුළ මහා පරිමාණයෙන් සිය ආයෝජන සිදුකිරීමට නියමිත බව සදහන්.

එම සමාගම්, නයිජීරියාව, සැම්බියාව, ඇන්ගෝලාව, ඉතියෝපියාව සහ සිම්බාව්වේ යන රටවල ජංගම දුරකතන, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් වෙළෙදාමට අදාළ ක්ෂේත්‍රවල ආයෝජන සිදුකරනු ඇති.

මේ අතර චීනය අප්‍රිකාව සහ යුරෝපය සම්බන්ධ කරමින් මුහුද යටින් කිලෝමීටර් 37,000 ක් දුරට දිවෙන අන්තර්ජාල කේබල් ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කටයුතුවලටද සම්බන්ධ වී සිටිනවා.

කෙසේවෙතත්, චීනය අප්‍රිකාව තුළ සිදුකරන මෙම ව්‍යාපෘති අප්‍රිකාවේ සැබෑ සංවර්ධන උවමනා මත  නොව චීනයේ භූදේශපාලනික අවශ්‍යතා මත සැකසී ඇති බවත් ඒ හරහා අප්‍රිකානු රටවල් තවතවත් අර්බුදයට ලක්විය හැකි බවටත්  ඇතැම් විශ්ලේෂකයන් මත පළ කර තිබෙනවා.