Saturday, April 27, 2024

General line - 0115112241

චරිත් සහ චාමික ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට




බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා විසි දෙදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළා. පන්දුවාර විස්ස පිටියේදී කැපී පෙනෙන දක්‍ෂතා දක්වන චරිත් අසලංක සහ චාමික කරුණාරත්න ද ඊට කැඳවා තිබීම විශේෂත්වයක්. 

ඔවුන් ටෙස්ට් සංචිතයක් සදහා කැඳවන්නේ පළමු වරටයි. ඊට අමතරව ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයින් වන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා සුරංග ලක්මාල් ද ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා. 

මේ අතර අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වන අදියර අද ආරම්භ වනවා. ද චෙන්නායි බ්‍රේව්ස් යනුවෙන් නව කණ්ඩායමක් මෙවර තරගාවලිය සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, එහි නායකයා වන්නේ ශ්‍රී ලංකා නායක දසුන් ශානකයි.

මීට අමතරව වනිදු හසරංග, භානුක රාජපක්ෂ, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා, ඉසුරු උදාන හා ධනංජය ලක්ෂාන් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද අබුඩාබි ඔ ටෙන් ලීග් ක්‍රිකට් තරගාවලියට ඇතුළත්.