Saturday, April 27, 2024

General line - 0115112241

දෙනෝදාහක් බලා සිටියදී ලාංකික නිලධාරියෙක්ට පාකිස්ථානයේදී පහරදී ඝාතනය කරයි




පාකිස්ථානයේ, සියාල්කෝට් හි පිහිටි කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරිවරයෙක් ලෙස සේවය කරනු ලබන ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේම සේවය කරනු ලබන සේවකයින් විසින් පහරද ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද දින දහවල් මෙම මිලේච්ජ සිදුවීම සිදුවී ඇති අතර පසුව එම සේවකයින් විසින් අදාළ සාමාන්‍යාධිකාරිවරයාගේ සිරුර ගිනි තබා ඇති බවයි පාකිස්ථාන මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම ලාංකික නිලධාරියාට පහරදී ඝාතනය කිරිමට හේතුව මෙතෙක්‌ නිල වශයෙන් සඳහන්ව නොමැති අතර ඇතැම් වාර්තා සඳහන් වන්නේ ඔහු විසින් ආගමිකත්වය පදනම් කර ගනිමින් සිදුකළ අපහාසයක් මුලික හේතුව වී ඇති බවයි.