Saturday, April 27, 2024

General line - 0115112241

ගුවන් තොටුපොළේ වැඩ දැමු විදේශිකයා ගැන හෙළිවූ තොරතුරු

ටී.කේ.ජී.කපිල - කටුනායක




ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ප්‍රංශය වෙත පළා යෑමට තැත් කර පසුව අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වනවිට කටුනායක ගුවන් තොටුපළෙන් පළා යාමට තැත් කළ විදේශිකයාගේ අනන්‍යතාවය පිළිබඳව කරුණු කීපයක් මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරන කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පුද්ගලයා 35 හැවිරිදි පෝලන්ත ජාතිකයෙකු බවත් ඔහු 2019 වසරේ දී මාතර,වැලිගම ප්‍රදේශයේ ATM යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කිරීමක් පිළිබඳව චෝදනාවට ලක් වූ පුද්ගලයෙකු බවට සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ.

මේ වනවිට මෙම පුද්ගලයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහු ලබන 21 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.