Saturday, April 27, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳ වැටෙයි

සැම්සන් ප්‍රේමසිරි 




පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදීද වැඩි අවධානයක් යොමුව තිබෙනවා. විදුලි කප්පාදුවකින් තොරව යාමට ඇති හැකියාව එහිදී සාකච්ඡා වූ බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සහ අද අලුයම විදුලිය බිඳවැටී තිබුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගනේමුල්ල ප්‍රදේශයට මේ වන විට ද විදුලිය නොමැති බවයි. මාළඹේ, හෝමාගම සහ පානදුර යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ විදුලිය බිඳ වැටුණා.

නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ එය විදුලිය කපා හැරීමක් නොව හදිසි බිඳවැටීමක් බවයි.