Friday, April 26, 2024

General line - 0115112241

කොවිඩ් පාලනය වෙනුවෙන් ඇමති සුදර්ශිනීට සුවිශේෂී ඇගයීමක්




කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීම සදහා විෂයභාර අමාත්‍යවරිය ලෙස සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේට H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුවේදී විශේෂ ඇගයීම් සම්මානයක් පිරිනැමීම කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුවිය. 

හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනය විසින් සංවිධානය කළ H – Con 2021 තරුණ ව්‍යවසායක සමුළුව 2021 වසරේ හොදම තරුණ ව්‍යවසායකයින් 500කගේ සහභාගීත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණා.

කොවිඩ් 19 හමුවේ රැකියා අහිමිවූ, ව්‍යාපාර අහිමි වූ පිරිස් මෙන්ම ආදායමක් අපේක්ෂාවෙන් නිවෙස්ගතව සිටි පිරිස ස්වාධීන ව්‍යවසායකයින් බවට පත්කර හර්බ්ලයින් සමග ජීවිතය ජයගත් සාර්ථක තරුණ ව්‍යවසායකයින් ලක්ෂ දෙකක් අතුරින් තෝරාගත් තරුණ ව්‍යවසායකයින් 500ක් මෙසේ සමුළුව සදහා තෝරාගෙන තිබුණා.

කොවිඩ් 19 අභියෝගය ජයගනිමින් ජීවිතය ජයගත් තරුණ ව්‍යවසායකයින් ඉදිරිපිට කොවිඩ් මර්දනය සදහා සුවිශේෂී කාර්ය භාර්යක් ඉටුකළ රාජ්‍ය අමාත්‍යතුමියට විශේෂ ඇගයීම් සම්මානය පිළිගැන්වීම හර්බ්ලයින් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා සහ එහි මෙහෙයුම් අධ්‍යක්ෂගේ සහභාගිත්වයෙන් සිදුකෙරුණා.