Saturday, April 27, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්




ලබන සදුදා දින එනම් ජනවාරි 31 වන දින දක්වා කිසිදු විදුලි කප්පාදු කිරීමක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.

කෙසේ වෙතත් ජනවාරි 31 වැනිදායින් පසු විදුලි කප්පාදුවක් සිදුකරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කළේ.

කෙසේ වුවත් හෙට දිනයේ සවස 6.30 සිට 9.30 දක්වා කාලය තුලදී මෙගාවෝට් 30ක හිඟ තාවයක් ඇති වන බවින්  පවතින තත්ත්වය අවබෝධයට ගෙන පාරිභෝගිකයින්ට අරපිරිමැස්මෙන් යුතුව විදුලි පරිභෝජනය කරන ලෙස සභාපතිවරයා ඉල්ලා සිටියා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් කොමිෂන් සභාව එළඹෙන සඳුදා යළි රැස්වී සාකච්ඡා කරන බවයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර විදුලි අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේද විවිධ අදහස් පළ වනවා. මේ, අමාත්‍ය මහින්ද අමරවීර ඒ පිළිබඳ පළ කළ අදහස්.

සමගි ජන බලවේගය අද කැදවූ මාධ්‍ය හමුවකදී විදුලි අර්බුදය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මෙලෙස අදහස් පළ කළා.