Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ වෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමාවන විට කඩුළු 06 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටියා. 

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 43 යි. දැවීගිය සෙසු ක්‍රීඩකයින් වන නායක දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, ලහිරු තිරිමාන්න, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට ලකුණු 10 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ. නොදැවී පන්දුවට පහරදෙන නිරෝෂන් දික්වැල්ල ලකුණු 13 ක් රැස්කර ගෙන සිටියා. 

පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රා කඩුළු 03 ක් සහ මොහොමඩ් සාමි කඩුළු 02 ක් දවා ගෙන සිටිනවා. ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 252 ක් රැස් කළා. ෂ්‍රෙයාස් අයියර් ලකුණු 92 ක් රැස්කළ අතර රිෂාබ් පාන්ට් ලකුණු 39 යි. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් වන මෙම තරගය පැවැත්වෙන්නේ බෙංගලූරු හිදීයි.