Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා සංචාරයේදී ඕස්ට්‍රේලියානු පිලේ ප්‍රභල ක්‍රීඩකයින් විවේක ගන්වයි




ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වන ඕස්ට්‍රේලියානු  කණ්ඩායමෙන් ප්‍රභල ක්‍රීඩකයින් කිහිපදෙනෙකු විවේක ගන්වා තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් මෙන්ම පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා විවේක ගන්වා තිබීම විශේෂත්වයක්. පැට් කමින්ස් විවේක ගන්වා ඇත්තේ පන්දුවාර 20 තරඟාවලියෙන් පමණයි.

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරඟාවලියට පන්දුවාර 20 තරඟ 03 ක්, එක්දින තරඟ 05 ක් සහ ටෙස්ට් තරඟ 02 ක් ඇතුලත්. තරඟාවලිය ලබන ජුනි සහ ජූලි මාසවල පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලිය සඳහා ඔස්ටේ්‍රලියාව කණ්ඩායම් 03 ක් නම් කර තිබෙනවා.

මීට අමතරව ඕස්ට්‍රේලියානු ඒ කණ්ඩායම ද මෙම තරඟාවලියට සමගාමීව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.