Friday, April 26, 2024

General line - 0115112241

යුක්රේන හමුදාවට එරෙහිව රුසියාවෙන් එක්සත් ජාතීන්ට වැදගත් සාක්කියක්




යුක්‍රේන හමුදාව සහ ජාතිවාදී කණ්ඩායම් විසින් සිවිල් ජනතාව ඉවත් කිරීමේ ක්‍රියාවලියට බාධාවක් වන ලෙස සිදුකරන ලද බව කියන නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳ සාක්ෂි රුසියානු රාජ්‍යත්‍රාන්ත්‍රිකයන් විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

 සියලු මානූෂිය මූලධර්ම යුක්රේන හමුදාව සහ අනෙක් සන්නද්ධ කණ්ඩායම් විසින් ක්‍රමානුකූලව උල්ලංඝනය කරන බව විශ්වාස කිරීමට රුසියාවට ප්‍රමාණවත් හේතු තිබෙන බව එක්සත් ජාතීන්ගේ රුසියාවේ ස්ථිර නියෝජිත වසීලී නෙබෙන්සියා මෙහිදී පැවසුවා.

යුක්රේන හමුදාව සිවිල් වැසියන් ප්‍රාණඇපකරුවන් ලෙස සහ මිනිස් පලිහක් ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ ඇසින් දුටු සාක්ෂි බොහොමයක් ඇති බව ද ඔහු මෙහිදී කියා සිටියා.

ජනාකීර්ණ ප්‍රදේශවල බර අවි ස්ථානගත කිරීම සහ සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් යුක්‍රේන හමුදාවට දොස් පවරමින් නෙබෙන්සියා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ මේ පිළිබඳව නිසි අවධානයක් යොමු කරන ලෙසයි.

යුක්රේනයේ යුද්ධය ආරම්භ වී මේ වන විට මාස තුනක පමණ කාලයක් ගතවී ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් දත්තවලට අනුව යුක්‍රේනියානුවන් මිලියන 5 කට වැඩි පිරිසක් අසල්වැසි බටහිර රටවලට පලායාමත් සමඟ පෙර නොවූ විරූ මානුෂීය අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා .