Saturday, April 27, 2024

General line - 0115112241

නවසීලන්තයෙන් ඩොලර් ලක්‍ෂ 5 ක මුදල් පරිත්‍යාගයක්




ශ්‍රී ලංකාවට නවසීලන්ත ඩොලර් ලක්‍ෂ 5 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරන බව නවසීලන්තය පවසනවා. අවදානමට ලක්ව සිටින දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් සහ පීඩාවට පත්ව සිටින ගොවීන්ට සහන සැලසීම සදහා එම මුදල ලබාදෙන බවයි එරට විදේශ අමාත්‍ය නනායා මහුටා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ.

මේ අතර මෙරටට යුරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක් සැපයීමට ඉන්දීය රජය එකගතාව පළ කර තිබෙනවා. යල කන්නයේ වී ගොවිතැන සදහා එලෙස යූරියා ලබාදෙන බවයි මෙරට පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කළේ. 

එම පොහොර තොගය ලබාදීමට නියමිතව ඇත්තේ ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියන 01 ක ණය පහසුකම යටතේයි.