Sunday, December 29, 2024

General line - 0115112241

නුවරඵලියේ කොස් ගස් කැපීම තහනම් කෙරේ




නුවරඑළිය දිස්ත්‍රික්කයේ  කොස් ගස් කැපීම සම්පූර්ණයෙන්ම  තහනම් කරමින් දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඵලෙස කොස් ගස් කැපීම තහනම් කර ඇත්තේ රටේ පවතින ආහාර අර්බුදය සැලකිල්ලට ගනිමින්. 

බලපත්‍ර ලබාගෙන මින් ඉදිරියට කොස් ගස් කැපීමද තහනම්. කෙසේවෙතත් යම් අනතුරක් සිදුවීම වැළැක්වීමට කොස් ගසක් කැපීමට අවශ්‍යනම් ඒ සඳහා පමණක් අවසර ලබා දෙන බවයි  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සදහන් කළේ.