Saturday, April 27, 2024

General line - 0115112241

කුසල් - පැතුම් ගේ සම්බන්ධතාවය ශ්‍රී ලංකාවට ජය ගෙන දෙයි




සංචාරක ඔස්ට්‍රේලියාව සමග පැවති 03 වන එක්දින තරගයෙන් කඩුලු 06ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිශ්ශංක විසින් දෙවන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු ලකුණු 170ක සම්බන්ධතාවය අඩිතාලම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමය ඔස්ට්‍රේලියාව ලබා දුන් ලකුණු 292 ක ඉලක්කය සාර්ථකව හඹා යෑමට හැකි වුවා.

සිය මංගල එක්දින ශතකය රැස් කළ පැතුම් නිශ්ශංක පන්දු 147 කදී ලකුණු 137ක් රැස් කරනු ලැබූවා. කුසල් මෙන්ඩිස් පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහු ලකුණු 87ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදුවුවා.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ශ්‍රී ලංකාව වාර්තා කළ වාර්තාගත ලකුණු හඹා ගොස් ජය වාර්තා කළ තරගය ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය.

තරග 05 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා.