Monday, June 27, 2022

General line - 0115112241

වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පිටියට

416Views



 

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර සිව් වන එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා. දිවා රාත්‍රී තරඟයක් වන මෙම තරඟයද පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි. 

මෙතෙක් පැවති තරඟ තුනෙන් තරඟ දෙකක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුවයි.

ඒ, අනුව අද තරඟය ජයගතහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 30ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට හැකි වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඔස්ට්‍රේලියානු  කණ්ඩායමක් පරාජය කර තරඟාවලි ජයග්‍රහනයක් අත් කරගෙන ඇත්තේ 1992 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුතුවයි. 

මෙම තරඟය ජය ගතහොත් වසර 30කට පසු සිය මව් බිමේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලි ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමිවනු ඇති.