Friday, April 26, 2024

General line - 0115112241

තෙල් පෝලිමක සිටි අයෙකු අනුරාධපුරයේදී රිය අනතුරකින් මිය යයි

දර්ශාන් කානිල් / චාමික කුමාර




අද උදැසන ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටි පුද්ගලයෙක් රිය අනතුරකින් මිය ගිය පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වනවා. ඒ, අනුරාධපුර පණ්ඩුලගම පිහිටි ඉන්ධන පිරවුම්හලක් අසලදීයි. අනතුරින් මිය ගිය පුද්ගලයා ඉන්ධන ලබාගැනීම සදහා දින කිහිපයක සිට මෙම පිරවුම්හල අසල පෝලිමේ සිටි ඇති අතර අද උදැසන ඒ අසල මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයකට යටවිමෙන් මිය ගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර සෞඛ්‍ය අංශ සහ අනෙකුත් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට රෝහල ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම්හල වෙත රථ වාහන වැඩි වශයෙන් පැමිණීම හේතුවෙන් අද පෙරවරුවේ කළුබෝවිල රෝහල ඉදිරිපිට දැඩි රථ වාහන තදබදයක් හට ගත්තා. ඒ අනුව කොහුවල මංසන්ධියේ සිට කළුබෝවිල මංසන්ධිය දක්වා එක් මංංතීරුවක් වසා දමා දැමීමටයි කටයුතු කර තිබුණේ.