Saturday, April 27, 2024

General line - 0115112241

කඩදාසි අර්බුදයෙන් පකිස්තානයේ සිසුන්ටත් පෙළ පොත් නෑ




රට තුළ පවතින කඩදාසි අර්බුදය හේතුවෙන් 2022 අගෝස්තු මාසයේ ආරම්භ වන නව අධ්‍යයන වර්ෂයේදී සිසුන්ට පෙළ පොත් ලබා ගත නොහැකි වී ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරනවා.

කඩදාසි අර්බුදයට මූලික හේතුව ගෝලීය උද්ධමනය බවත්  ආණ්ඩුවල වැරදි ප්‍රතිපත්ති සහ දේශීය කඩදාසි කර්මාන්තයේ ඒකාධිකාරය ද ඊට හේතුවී ඇති බවත් අදාළ වාර්තාවල සදහන්.

පවතින අර්බුදය හේතුවෙන් සමස්ත පාකිස්තාන කඩදාසි වෙළඳ සංගමය, පාකිස්තාන මුද්‍රණ ග්‍රැෆික් කලා කර්මාන්ත සංගමය සහ කඩදාසි කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් සංවිධාන, රටේ ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය කයිසර් බෙංගාලි සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වා තිබෙනවා.

මෙම මාධ්‍ය හමුවේදී ඔවුන් අනතුරු ඇඟවූයේ කඩදාසි අර්බුදය හේතුවෙන් අගෝස්තු මස ආරම්භ වන නව අධ්‍යයන වර්ෂයේ පොත්පත් සිසුන්ට ලබා දිය නොහැකි වනු ඇති බවයි.

කඩදාසි මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් පොත්වල මිල තීරණය කිරීමට නොහැකිව එරට ප්‍රකාශකයන් ද  දැඩි අපහසුතානයන්ට මුහුණ දී ඇති බව සදහන්.

මේ හේතුවෙන් සින්ද්, පන්ජාබ් සහ කයිබර්පක්තුන්ක්වා යන ප්‍රාන්තවල පෙළපොත් මුද්‍රණය කිරීම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බවද වාර්තාවනවා.