Friday, April 26, 2024

General line - 0115112241

සහල් ආනයනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයට යෝජනා




සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනා කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

අවශ්‍ය තරම් සහල් රට තුළ පවතින බැවින් දෙසැම්බර් මාසය තෙක් සහල් ආනයනය අත්හිටුවන ලෙස එම යෝජනාව කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

කාෂි බීජ ආනයනකරුවන්ගේ සංගමය සමග අද පෙරවරුවේ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.