Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කිරීමට සංශෝධනය කෙරුණු පනත් කෙටුම්පත ගැසට් කෙරේ




ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ආර්ථිකයේ තෝරාගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීමට හැකි වන පරිදි ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කෙරුණා.        

ඒ අනුව, ඛනිජ තෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හදුනා ගනු ලබන පාර්ශවයන්ට බලපත්‍ර ලබාදීමට හැකියාව පවතිනවා. අදාල පනතට ඉකුත් අප්‍රේල් 25 වනදා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිවුණා. 

ඉන් අනතුරුව එම කෙටුම්පත ඊයේ දිනයේ ගැසට් කෙරුණු අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.