Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථානයට එරෙහි තරයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් දෙකක් ?




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරතරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වනවා. ඒ, ඩුබායිහිදීයි.

මෙම කණ්ඩායම් දෙකම මේ වන විටත් ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව අද තරඟය සැලකෙන්නේ අවසන් මහා තරඟයේ පෙරහුරු තරඟයක් ලෙසයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අසිත ප්‍රනාන්දු සහ චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා සහ ප්‍රමෝද් මදුෂාන් කැඳවනු ඇති බවටයි ක්‍රිකට් ආරංචි මාර්ග පැවසුවේ. ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ 31 වන උපන් දිනය දා මෙම තරගයට එක්වීම විශේෂත්වයක්. 

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - පාකිස්තාන පන්දු වාර විස්සයි 20 ක්‍රිකට් තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 07 යි 30 ට ආරම්භ වීමට නියමිතයි.