Friday, April 26, 2024

General line - 0115112241

ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ 




ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 2022 ICC පිරිමි T20 ලෝක කුසලානයට සහභාගී වීමට පහත සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අනුමැතිය ලබාදී තිබෙනවා.

තරඟාවලිය ලබන ඔක්තෝබර් මස 16 වෙනිදා සිට නොවැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය :

දසුන් ශානක – නායක , ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස් - (කඩුලු රකින්නා/පිතිකරු), චරිත් අසලංක, භානුක රාජපක්ෂ - (කඩුලු රකින්නා/පිතිකරු), ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර (යෝග්‍යතාවයට යටත්ව), ලහිරු කුමාර (යෝග්‍යතාවයට යටත්ව), ඩිල්ෂාන් මධුශංක, ප්‍රොමෝද් මධුෂාන්

පොරොත්තු ක්‍රීඩකයින් :
අශේන් බණ්ඩාර, ප්‍රවීන් ජයවික්‍රම, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු

සබැඳිය :
මීට අමතරව අශේන් බණ්ඩාර සහ ප්‍රවීන් ජයවික්‍රම ද කණ්ඩායම සමග ඔස්ට්‍රේලියාව බලා ගමන් කරනු ඇත.