Saturday, April 27, 2024

General line - 0115112241

ඩිල්ෂාන් සහ ජයසූරිය යළි සාර්ථක පිතිහරඹයක




රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයක් රායිපූර්හීදී මේවනවිට පැවැත්වෙනවා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් වුණා.

තිලකරත්න දිල්ශාන් පන්දු 30කදී ලකුණු 51ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. මහේල උඩවත්ත පන්දු 27කදී ලකුණු 43ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමගයි. සනත් ජයසූරිය පන්දු 25කදී ලකුණු 37ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කරන බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 18 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 115 ක් රැස් කරගෙන සිටියා.