Friday, April 26, 2024

General line - 0115112241

ඩොලරයේ අගය වැඩිවීමේ බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වන ආකාරය ආර්ථික විද්වතෙක් පහදයි




ලොව ප්‍රධාන මුදල් ඒකක ගණනාවක් අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාවටද සෘණාත්මක බලපෑම් එල්ල කළ හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකානු ආර්ථිකය හැර සෙසු රටවල් බොහෝමයක ආර්ථිකයන් මේවනවිට අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි. 

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය වසන්ත අතුකෝරල. 

1971 වසරෙන් පසු ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුම වාර්තා කළ අවම අගය ඉකුත් කාලසීමාවේදී වාර්තා වුණා.

වසර 24කට පසු ඩොලරයට සාපේක්ෂව ජපාන යෙන් එකක් වාර්තා කළ අවම අගයද පසුගිය දිනවල වාර්තා වුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට අමතරව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව චීන මුදල් ඒකකය ද පහළ ගොස් තිබෙනවා. යුකරේන අර්බුදය හමුවේ රුසියානු රූබලයේ අගය ද පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.