Friday, April 26, 2024

General line - 0115112241

නෙදර්ලන්තයෙන් චීනයට අවවාදයක්




සිය රට තුළ ස්ථාපිත කර ඇති නීතිවිරෝධී පොලිස් ස්ථාන වහාම වසා දමන්නැයි නෙදර්ලන්තය චීනයට අවධාරණය කර තිබෙනවා. 

චීනය විසින් නෙදර්ලන්තය තුළ පවත්වා ගෙන යන බව කියන පොලිස් ස්ථාන සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ චීන තානාපතිවරයාගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි නෙදර්ලන්තයේ විදේශ අමාත්‍යවරයා හෙළි කර ඇත්තේ.

එවැනි ක්‍රියා සදහා කිසිලෙසකින් හෝ නෙදර්ලන්තය අවසර ලබා නොදෙන බවත් විදේශ අමාත්‍යවරයා චීන තානාපතිවරයා වෙත දැනුම් දී ඇතැයි ද  විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එමෙන්ම නෙදර්ලන්තයේ පිහිටි චීන තානාපති කාර්යාලයේ නිශ්චිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් නෙදර්ලන්තය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇති බව සදහන්. 

චීනය සිය රට තුළ රහසිගතව පොලිස් ස්ථාන පිහිටුවා ඇතැයි නෙදර්ලන්තය ඉකුත්දා චෝදනා කර තිබුණා.

එරට ඇම්ස්‍ටර්ඩෑම් සහ රොටර්ඩෑම් යන නගරවල එම පොලිස් ස්ථාන ක්‍රියාත්මක බවයි  විදෙස් වාර්තාවල දැක්වුණේ. 

සිය දේශපාලනික ප්‍රතිවිරුද්ධ පාර්ශව නිහඩ කරවීම සදහා චීනය හිටපු හමුදා නිලධාරීන් සහ බුද්ධි අංශ නිලධාරීන් එම පොලිස් ස්ථානවලට අනියුක්ත කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.