Saturday, April 27, 2024

General line - 0115112241

වැඩි මිලට බිත්තර විකිණු වෙළඳසැලකට මිලියනයක දඩයක්




වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළඳෙකුට රුපියල් දස ලක්ෂ විසිදහසක දඩයක් පනවා තිබෙනවා. එලෙස දඩය පනවා ඇත්තේ හංවැල්ල ප්‍රදේශයේ පිහිටි වෙළඳ සැලකටයි.

මෙතෙක් වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් සිදුකළ වැටලීම් වලදී අයකරනු ලැබූ වැඩිම දඩ මුදල වන්නේ මෙයයි.

මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කළ බව කියන අනුරාධපුරය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 04 දෙනෙකු4 සහ දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳෙකුට ද රුපියල් ලක්ෂය බැගින් දඩ පනවා ඇත.