Sunday, April 28, 2024

General line - 0115112241

ප්‍රතිජීවක ඖෂධ හිඟය අනාගත අනතුරක් - වෛද්‍යවරුන් අනතුරු අඟවයි




පවතින ප්‍රතිජීවක ඖෂධ හිගය හේතුවෙන් ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු තවදුරටත් වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පවසනවා.

ඔවුන් පෙන්වාදෙන්නේ මිලෙන් අඩු ප්‍රතිජීවක ඖෂධ වර්ග පවා මේ වන විට බොහෝ රජයේ රෝහල්වල නොමැති බවයි. 
සාමාන්‍ය මට්ටමේ ප්‍රතිජීවක ඖෂධ නොමැති වීම හේතුවෙන් ඊට වඩා ප්‍රබලත්වයෙන් යුත් ප්‍රතිජීවක ඖෂධ වර්ග රෝගීන්ට ලබා දීමට මේ වන විට සිදුව ඇති බවද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

එවැනි ප්‍රබලත්වයෙන් යුත් ප්‍රතිජීවක ඖෂධ නිරන්තරයෙන් රෝගීන්ට ලබාදීම සාමාන්‍යයෙන් සිදුවන්නේ නැහැ. එවැනි ඖෂධ රෝගීන්ට ලබා දීම හරහා බැක්ටීරියා ප්‍රතිරෝධී වීම හේතුවෙන් ඉදිරියේදී එම රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදුන්නද ඉන් ප්‍රතිඵල අත්නොවන බවයි එම වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. 

මේ අතර ඖෂධ වර්ග දහසකට වැඩි ප්‍රමාණයක මිල නියාමනයට රජය මැදිහත් නොවීම හේතුවෙන් ඖෂධ සම්බන්ධයෙන් කළු කඩ වෙළද පොලක් නිර්මාණය වී ඇති බවටයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.