Saturday, April 27, 2024

General line - 0115112241

රටේ සුරක්ෂිත පැවැත්මට ත්‍රිවිධ හමුදාවේ වැදගත්කම ජනපති පහදයි




අපනයන ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වන බැවින් ඒ සදහා ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක කුසලතා සහ උපායමාර්ගික කුසලතා ප්‍රයෝජනයට ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ වෙනුවෙන් සන්නද්ධ හමුදා කෙරෙහි සහ 2020 ආරක්ෂාව සම්බන්ධයෙන් රජය අවධානය යොමු නොකළහොත් රටට අනාගතයක් නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානොත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අදහස් පළ කළා. නාවික ගමනාගමනය නිදහසේ සිදුකළ නොහැකි නම් අපනයන ආර්ථිකයේ ඉලක්කගත අරමුණු සපුරා ගත නොහැකි වන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ.