Friday, March 29, 2024

General line - 0115112241

තවත් ඉඩම් නිදහස් කිරීමට රජයේ අවධානය




වගා කටයුතු සදහා රජයේ ඉඩම් තවත් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඉදිරි මාස කිහිපය තුළ නිදහස් කරන  බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එම ඉඩම්වල ආයුර්වේදයට අවශ්‍ය වගාවන්ද සිදු කළ යුතු බවට රජය තීරණයක් ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. 

විදේශ විනිමය උපයා ගැනීම සදහා ආයුර්වේද ක්ෂේත්‍රය යොදා ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවා. 

කොළඹ පැවති රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 19 වෙනි සංවත්සරයට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා.