Thursday, November 21, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවින්ද ද සොයිසා මහතා පත් කෙරේ 




ශ්‍රි ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකු කරුවකු වන කාවින්ද ද සොයිසා මහතා පත් කර තිබෙනවා.

බැංකු ක්ෂේත්‍රය ආශ්‍රිත ව වසර 30කට අධික පළපුරුද්දක් සහිත ද සොයිසා මහතා, වසර 25කට අධික සිය කළමනාකරණ පළපුරුද්ද හරහා දේශීය මෙන් ම ගෝලීය බැංකු වෙත සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති වෘත්තිකයෙකු ලෙස හඳුන්වා දිය හැකි ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුව වගේ ම රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සන්නාමයක් ලෙස හඳුන්වා දිය හැකි ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වීමට ලැබීම ගැන තමා ඉමහත් සතුටට පත් වන බව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

තවද ඔහු සඳහන් කර සිටියේ ලංකා බැංකුවේ නිලධාරීන් සමඟ එක් ව ගනුදෙනුකරුවන් සහ සියලු පාර්ශ්ව කරුවන් වෙත සුවිශේෂී සේවාවක් ලබා දීමට මම බලාපොරොත්තු වන බවයි