Friday, March 29, 2024

General line - 0115112241

ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස රසල් පී.එච්. ෆොන්සේකා පත්වීම් ලබයි




ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් රසල් පී.එච්. ෆොන්සේකා පත්වීම් ලබා තිබෙනවා.

ඔහු මෙම ධුරයට පත්වීම් ලැබීමට පෙර ලංකා බැංකුවේ අතිරේක සාමාන්‍යාධිකාරි සහ ප්‍රධාන මුල්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

වසර 30කට ආසන්න සේවා කාලයක් සහිත ලංකා බැංකුවේ නව සාමාන්‍යාධිකාරිවරයා වශයෙන් රසල් පී.එච්. ෆොන්සේකා මහතා බැංකුවේ දියණුව උදෙසා විශාල කැපවීමක් සිදුකළ නිලධාරීයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලනවා.

බැංකු කේෂ්ත්‍රයේ අක්වෙරළ බැංකුකරණය, ජාත්‍යන්තර බැංකු මෙහෙයුම්, විනිමය සහ සුරැකුම්පත්, මුල්‍ය කළමනාකරණය සහ සැලසුම්කරණය පිලිබඳව ඔහු ඉතා දක්ෂ නිලධාරියෙකු ද වනවා.