Saturday, April 20, 2024

General line - 0115112241

ආහාර සුරක්ෂිතතාව ගැන ලොව බලවතුන්ගේ අවධානය




ඉන්දුනීසියාවේ බාලිහී පැවත්වෙන G20 සමුළුවේදී ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබද අවධානය යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුක්‍රේනයේ සහ රුසියාවේ පවත්නා යුදමය තත්ත්වය ලෝක ආහාර අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවයි එහිදී ලෝක නායකයින් පෙන්වා දී ඇත්තේ.

ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මෙවැනි සංවාදයක් මතුව ඇත්තේ ඨ 20 සමුළුවට සහභාගී වීම සදහා ඉන්දුනීසියාවට පැමිණී අමෙරිකානු සහ චීන ජනාධිපතිවරුන් අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවති තත්ත්වයක් මධ්‍යයේ වීම විශේෂත්වයක්.

G20 රැස්වීම සදහා අමෙරිකාව, චීනය සහ ලොව බලවත් රටවල් රැසක නායකයින් එක්ව සිටිනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එහිදී පෙන්වා දී ඇත්තේ දේශගුණික විපර්යාස, කොවිඩ් වසංගත තත්ත්වය සහ යුක්‍රේන රුසියානු යුදමය තත්ත්වය හමුවේ ගෝලීය සැපයුම් දාමයන් අකර්මන්‍ය වී ඇති බවයි. මේ මොහොතේ රුසියාව හුදකලා නොකර ඉන්ධන මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන බවද ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.