Tuesday, April 30, 2024

General line - 0115112241

නිර්දේශ කඩකළ කාබනික පොහොර සමාගමක් අසාදු ලේඛණයට




ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කර දියර කාබනික පොහොර සපයන ලද කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් අසාදු ලේඛණගත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදි තිබෙනවා.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශ අනුව දියර කාබනික පොහොර ජල බෝතල් වැනි ප්ලාස්ටික් බෝතල්වල ඇසුරුම් කිරීම තහනම් කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ එවැනි ඇසුරුම් තුළ දියර කාබනික පොහොර ඇසුරුම් කිරීම මගින් විවිධ ව්‍යාධිජනක හටගැනීමට අවස්ථාවක් පැවතීමයි.

ඒ අනුව අදාළ නිර්දේශ උල්ලංඝණය කළ සමාගම වහාම අසාදු ලේඛණ ගත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළා. 

මේ අතර වලව කලාපයේ ගොවීන්ට තවත් කාබනික පොහොර සමාගමකින් සපයන ලද පොහොරවල වැලි සාන්ද්‍රණය වැඩි බවට ගොවීන් විසින් චෝදනා කර තිබෙනවා. ඒ සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකර වාර්තාවක් සපයන ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් ලබාදී ඇත්තේ.