Wednesday, May 1, 2024

General line - 0115112241

ප්‍රංශ සංචාරක නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණෙයි

ටී කේ ජී කපිල




ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සදහා ප්‍රංශයේ සංචාරක නියෝජිතයන් අසූ දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ එම පිරිස මහනුවර, බෙන්තොට සහ කොළඹ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බවයි.

ඔවුන්  එම ප්‍රදේශවල තිබෙන හෝටල් පද්ධතිය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ප්‍රංශයේ සිට සංචාරකයන් කැදවා ගෙන ඒමට නියමිතව තිබෙනවා.

දිවයිනට පැමිණි ප්‍රංශ සංචාරක නියෝජිතයන් පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සංචාරක ක්‍ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.