Wednesday, May 1, 2024

General line - 0115112241

රිටිගල අඩවියේ අලිමංකඩකට පොලීසිය හරස් වෙයි




කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මොරගොඩ ග්‍රාමසේවා වසමේ ඉදිකරමින් ඇති මොරගොඩ පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල අලිමංකඩක් අවහිර වන පරිදි ඉදිකරන බව ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවය පවසනවා.

රිටිගල අඩවියේ බොරගොඩ බීට්ටු කාර්යාලය පිහිටි අක්කර 10 ක පමණ ඉඩමෙන් අක්කරයක පමණ කොටසක් යොදා ගනිමින් සිදු කෙරෙන ඉදිකිරීම් හේතුවෙන් ඉදිරියේදී අලි මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යා හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

වනජීවි හා වනසංරක්‍ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ වගකිව යුතු අංශ වෙත ලිපියක් මගින් ඒ පිළිබද දැනුම් දුන් බවයි ශ්‍රී ලංකා ජෛව විවිධත්ව සංරක්‍ෂණ හා පර්යේෂණ කවයේ කැදවුම්කරු සුපුන් ලහිරු ප්‍රකාශ් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

වනඅලි සංරක්‍ෂණයට සහ අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා අලිමංකඩවල් ආරක්‍ෂා කිරීමේ වැදගත්කමද මෙහිදී පැහැදිලි කෙරුණා.