Tuesday, April 30, 2024

General line - 0115112241

පොලිස් කොමිසමේ ලොක්කා බැසිල් පිළිගන්න කටුනායකට ගියාට විපක්‍ෂයේ විරෝධය




හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පිළිගැනීම සදහා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ තවත් අයෙකු කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර  අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂට පොලිස් ආරක්‍ෂාව ලබාදුන්නේ කුමන පදනමකින් දැයි ආණ්ඩු පක්‍ෂය පැහැදිලි කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් එහිදී කියාසිටියේ.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යළි මෙරටට පැමිණීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්‍ය රාසමනික්කම්ද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.