Tuesday, April 30, 2024

General line - 0115112241

දිළිඳුකම ගැන සොයන සමීක්‍ෂණයක් වසර තුනකින් පවත්වා නැහැ - මැති සබයේදී අනාවරණයක්




2019 වසරෙන් පසු මෙරට දිළිදුකම සම්බන්ධයෙන්  සොයා බැලීමේ විධිමත් සමීක්‍ෂණයක් රජය විසින් සිදුකර නොමැති බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවැරදි දත්ත නොමැතිව සමාජ ආරක්‍ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කරන බවද විපක්‍ෂ නායකවරයා කියාසිටියා.

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 6 වන දිනය වන අද විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

විපක්‍ෂ නායකවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී පැහැදිලි කිරීමක් සිදුකළේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් විපක්‍ෂ නායකවරයා තවදුරටත් මෙලෙස අදහස් පළ කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ද අයවැය විවාදයට එක් වුණා.