Tuesday, April 30, 2024

General line - 0115112241

පාසල් දරුවන් ඉලක්ක කර මත්පෙති අලෙවි කළ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට

තුසිත කුමාර ද සිල්වා




පාසල් දරුවන්  ඉලක්ක කර මත් පෙති විකුණූ උපකාරක පන්ති ගුරුවරයෙකු කළුතරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය බළකායේ කටුකුරුන්ද පුහුණු පාසලේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකරු සතුව තිබී මත්පෙති 1,299ක් සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිතය සහ විද්‍යාව උපකාරක පන්ති පවත්වන පුද්ගලයෙක්. කළුතර ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත රැඳීසිට ඇති එම සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවා.