Saturday, April 27, 2024

General line - 0115112241

රොනාල්ඩෝගෙන් ලෝක වාර්තාවක් - බ්‍රසීලයෙනුත් ජයග්‍රාහී ආරම්භයක්




පාපන්දු ලෝක කුසලානයේ තියුණු මුහුණුවරක් ගත් තරඟ 04 ක් ඊයේ පැවැත්වුණා. ඒ අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරඟ දෙක වූයේ පෘතුගාලය සහ ගානා අතර තරඟය මෙන්ම බ්‍රසීලය සහ සර්බියාව අතර තරඟයයි.

තියුණු මුහුණුවරක් ගත් පෘතුගාලය සහ ගානාව අතර තරඟයෙන් පෘතුගාලය ජයගත්තේ ගෝල 3 ට 2 ක් ලෙසයි. 37 හැවිරිදි ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එහිදී නව ලෝක වාර්තාවක් ද බිහි කළා. ඒ, අඛණ්ඩව ලෝක කුසලාන 05 කදී ගෝල වාර්තා කළ ලොව එකම ක්‍රීඩකයා බවට පත්වෙමින්.

ගානා කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයේදීද රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කළා. උණුසුම් මුහුණුවරක් ගත් සර්බියාව සමඟ පැවති තරඟයෙන් බ්‍රසීලය ජයගත්තේ ගෝල 2 ට බිංදුවක් ලෙසයි. කෙසේවෙතත් ලොව සුපිරි ක්‍රීඩක නේමාර්ට එහිදී ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

ඊයේ පැවති ස්විස්ටර්ලන්තය සහ කැමරොන් කණ්ඩායම අතර තරඟය ද උණුසුම් මුහුණුවරක් ගත්තා. තරඟය අවසන් වූයේ ගෝල 1 ට බිංදුවක් ලෙස ස්විස්ටර්ලන්තයට ජය හිමිකර දෙමින්. උරුගුවේ සහ දකුණු කොරියාව අතර පැවති තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වුණා.