Friday, April 26, 2024

General line - 0115112241

පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග 04ක් අද




පාපන්දු ලෝක කුසලානයේ තවත් තරග වටයක් අද ආරම්භ වනවා. එහිදී සෑම කණ්ඩායමක්ම සිය දෙවන තරගයට සහභාගී වීමට නියමිතයි.

ඒ අනුව අද දිනයේ වේල්සය සහ ඉරානයත්, සත්කාරක කටාර් සහ සෙනගල් අතර තරගයත් පැවැත්වෙනවා. නෙදර්ලන්තය සහ ඉක්වදෝරය අතර තරගයද අද පැවැත්වීමට නියමිතයි.

පාපන්දු ලෝක කුසලානයේ නවතම තොරතුරු පිළිබද මෙම වාර්තාව කටාර් හී රැදී සිටින නෙත් විශේෂ නියෝජිත මෙනුක අබේසේකරගෙන්.

මෙතෙක් පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කර ඇත්තේ කණ්ඩායම් 32 අතරින් කණ්ඩායම් 11ක් පමණයි. නෙදර්ලන්තය, ඉක්වදෝරය, එංගලන්තය, සෞදි අරාබිය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජපානය, බෙල්ජියම, බ්‍රසීලය, ස්විට්සර්ලන්තය හා පෘතුගාලය එම කණ්ඩායම් වනවා.