Wednesday, April 24, 2024

General line - 0115112241

ඇෆ්ගන් - ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තීරණාත්මක තරගය අද




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වෙනවා.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

දෙරට අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 60කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා. යම්හෙයකින් අද පැවැත්වෙන තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයගතහොත් ඔවුන්ට තරගාවලියේ ජය හිමිවනවා.