Tuesday, November 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානයෙන් ලකුණු 229 ක ඉලක්කයක්




සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය මේවනවිට පැවැත්වෙනවා.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි. කාසියේ වාසිය හිමිකර ගත් ඇෆ්ගනිස්තාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 48 යි පන්දු 2 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 228 ක් පමණයි.

රහමනුල්ලා ගුර්බාස් ලකුණු 68 ක් රැස් කළේ හතරේ පහර 04 ක් සහ හයේ පහර 04 ක් සමගින්. රහමට් සාහා ලකුණු 58 යි.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 113 ක සබඳතාවක් ගොඩනැගීමට රහමනුල්ලා ගුර්බාස් සහ රහමට් සාහා සමත්වුණා. 


එහෙත් ඇෆ්ගනිස්තාන මැද පෙළ ක්‍රීඩකයින්ට ලකුණු අතරට පිවිසීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී කසුන් රාජිත ලකුණු 31 කට කඩුළු 03 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ ලකුණු 49 ට කඩුළු 02 යි. 


ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 229 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.