Monday, April 29, 2024

General line - 0115112241

මොරොක්කෝව හමුවේ ලද පරාජය නිසා කුපිතවූ බෙල්ජියම් පාපන්දු ලෝලීන්




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජී කාණ්ඩය යටතේ කැමරුන් සහ සර්බියාව අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වුණා. ඒ, ගෝල 3ට 3ක් ලෙසයි. 


මේ අතර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් මොරොක්කෝව බෙල්ජියම පරදා ජය ලබාගැනීමත් සමග ඉන් කුපිත වූ බෙල්ජියමේ පාපන්දු ලෝලීන් පිරිසක් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.

බෙල්ජියමේ බ්‍රසල්ස් නගර මධ්‍යයේ කඩ සාප්පු, මාර්ගයේ නවතා ඇති වාහන ගිනි තබමින් දේපල හානි සිදුකරමින් එම පිරිස කලහකාරීව හැසිරී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බ්‍රසල්ස් නගරයේ ඇති වූ එම නොසන්සුන්තාවය පාලනය කිරීම සදහා පොලීසිය කදුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කර තිබෙනවා.


සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.

මොරොක්කෝව සහ බෙල්ජියම අතර තරගය දෝහා හී අල්තුමාමා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එම තරගයෙන් මොරොක්කෝව බෙල්ජියම පරාජය කළේ ගෝල 2ට 0ක් ලෙසයි.