Monday, April 29, 2024

General line - 0115112241

පා පන්දු ලෝක කුසලානයේදී ඊයේ රටවල් තුනක් ජය සමරයි




ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ඊයේ රාත්‍රී පැවති තරගයකදී ස්විස්ටර්ලන්තය ගෝල 1 ට බිංදුවක් ලෙස පරාජය කිරීමට ප්‍රභල බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.

තරඟයේ 83 වන විනාඩියේදී ජයග්‍රාහී ගෝලය වාර්තා වුණා.

ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට බ්‍රසීල කණ්ඩායම සමත් වුණා.

දකුණු කොරියාව සහ ඝානාව අතර පැවති තරඟයද උණුසුම් මුහුණුවරක් ගත් අතර ගෝල 03 ට දෙකක් ලෙස එම තරඟයේ ජය හිමිවුණේ ඝානාවටයි.

මේ අතර උරුගුවේ කණ්ඩායමට එරෙහිව අද අලුයම පැවති තරඟය පෘතුගාලය ජයගත්තේ ගෝල 2 ට බිංදුවක් ලෙසයි.