Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී යයි




සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 13යි පන්දු 1ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලකුණු 52ක් රැස් කර සිටියා.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 5ක් රැස් කර සිටි රහ්මනුල්ලා ගුර්බාස් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.