Friday, March 29, 2024

General line - 0115112241

නවසීලන්තය තරඟාවලිය ජයගෙන සුපිරි අටදෙනා අතරට ඒම තම අරමුණයි : දසුන් ශානක




නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් ජයගෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් පසුවන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

ඒ, ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් පසු මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින්. 


ඇෆ්ගනිස්ථානය සමග පැවති තුන්වන එක්දින තරගය ජයගැනීමත් සමග ශ්‍රී ලංකාව ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නව වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියා.

ඒ, තරග 21කදී ප්‍රසාද ලකුණු 77ක් සමගයි.