Friday, April 26, 2024

General line - 0115112241

සංචාරකයන් ආරක්ෂා කරන්න ජනවාරියේ ඇප් ඵකක්




මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව ජංගම යෙදවුමක් හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. ඵම වැඩපිලිවෙල ජනවාරි මාසයේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඔහුගේ සභාපතිත්වයෙන් යුත් සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම අදහස් පළ කර තිබෙනවා. ඵම යෙදවුම මගින් සංචාරකයන්ගේ  ඵකගතාවය මත ඔවුන් සිටින ස්ථානය පිරික්සීමට අවසර ලබාදීම, ඒ තුළින් ඔවුන් අතරමංවුවහොත් හෝ යම් ආරක්ෂිත පියවරයක් ගැනීමට අවශ්‍ය  වුවහොත් ඒ වෙනුවෙන් පියවර ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා ඵහිදී සදහන් කළා. 

ඵමෙන්ම සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් සංචාරක පොලිස් කණ්ඩායමක් සංචාරක ආකර්ෂණය සහිත සෑම මුහුදු තීරයකම ස්ථානගත කිරීමටද නියමිතයි. 2023 වර්ෂයේදී සංචාරකයින් ලක්ෂ 15 මෙරටට ගෙන්වා ගැනීම සංචාරක අමාත්‍යාංශයේ අපේක්ෂාව වනවා.