Thursday, April 25, 2024

General line - 0115112241

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ තවත් තීරණාත්මක තරඟයක් අද රාත්‍රියේ




පාපන්දු ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටයේ 03 වන තරගය පෘතුගාලය සහ මොරොක්කෝව අතර අද පැවැත්වීමට නියමිතයි. ඒ, කටාර්හිදී මෙරට වේලාවෙන් රාත්‍රී 08 යි 30 ටයි. 

සුපිරි කණ්ඩායම් 08 තරග වදින අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු තරගය පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීලය සහ ලෝක පාපන්දු අනුශූරයින් වන ක්‍රොඒෂියාව අතරයි. එම තරඟයේදී සම්පූර්ණ කාලය තුළ කණ්ඩායම් දෙකටම කිසිදු ගෝලයක් වාර්තා කිරීමට හැකිවුණේ නැහැ.

ඒ අනුව එම තරඟයේ ජයග්‍රාහී කණ්ඩායම තෝරා ගැනීමට සිදුවූයේ දඬුවම් පහර මඟින්. එහිදී ක්‍රොඒෂියාව සිය පළමු දඬුවම් පහර 04 ම ඉලක්කයට යොමුකළ අතර බ්‍රසීලයට සපුරා ගැනීමට හැකි වූයේ දඬුවම් පහර 02 ක් පමණයි.

නෙදර්ලන්තය සමඟ පැවති තරඟය ජය ගනිමින් අවසන් පූර්ව වටයට සුදුසකම් ලැබීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණේද දඬුවම් පහර මඟින් වීම විශේෂත්වයක්. ආර්ජන්ටිනා කණ්ඩායම දඬුවම් පහර 04 ක් සපුරාගත් අතර නෙදර්ලන්තයට සපුරාගැනීමට හැකි වුණේ දඬුවම් පහර 03 ක් පමණයි. ඒ අනුව ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා.

මේ අතර හෙට අලුයම 12 යි 30 ට පැවැත්වෙන ප්‍රංශය සහ එංගලන්තය අතර තරගයෙන් අර්ධ අවසන් පූර්ව වටය අවසන් වනවා.